Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2023 20:53:42 Hours

යාපනය ප්‍රදේශයේ පිහිටි කොකෝ ෂීට් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න මැඩපැවැත්වීමට යුද්ධ හමුදා භටපිරිස්හි දායකත්වය

ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය යටතේ ස්ථාපිත 52 පාබල සේනාංකයේ භටපිරිස් පසුගිය සෙනසුරාදා (ජූලි මස 22) දින සන්ධ්‍යාවේ යාපනය අර්ධද්වීපයේ පලෙයි, ඉත්තවිල් ප්‍රදේශයේ පිහිටි කොකෝ ෂීට් කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට කටයුතු කළහ.

52 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම්. යහම්පත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී වෙත කර්මාන්ත ශාලාවේ ඇති වූ ගින්න පිළිබඳ දැනුවත් කිරීමෙන් අනතුරුව එතුමන්ගේ උපදෙස් පරිදි එම ස්ථානය වෙත පැමිණි 23 ගැමුණු හේවා බලකායේ භටපිරිස් පැය කිහිපයක් ඇතුළත ගින්න මැඩපවත්වැත්වීමට සමත්වූහ.