Header

Sri Lanka Army

Defender of the Nation

25th July 2023 20:56:14 Hours

1 බලකායේ බලකාධිපති විශේෂ බලකා බලසේනා මූලස්ථානය සහ 53 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක

1 බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ පසුගිය සිකුරාදා (2023 ජූලි මස 21) දින වවුනියාව, මුණ්ඩිමුරුප්පු ප්‍රදේශයේ ස්ථාපිත විශේෂ බලකා බලසේනා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

බලසේනා මූලස්ථානය වෙත සපැමිණි 1 බලකායේ බලකාධිපතිතුමන් වෙත භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුුරු මුරයේ ගෞරවාචාරය පුදකළහ. අනතුරුව, විශේෂ බලකා බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එම්.පී.කේ.එල්. අමරසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එම බලසේනාවේ කාර්යභාරය පිළිබඳ එතුමන් සවිස්තරාත්මකව දැනුවත් කළේය.

සංචාරයේ නිරත මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පි එන්ඩීයූ කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ඇමතුවේය.

මෙම සංචාරයට සමගාමීව, 1 බලකායේ බලකාධිපතිතුමන් ජුලි මස 14 දින 1 බලකාය යටතේ දඹුල්ල ප්‍රදේශයේ ස්ථාපිත 53 පාබල සේනාංක මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරතවිය. සංචාරයේ නිරත බලකාධිපතිතුමන් 53 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.ජී.පී.එස්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම සේනාංකයේ කාර්යභාරය පිළිබඳ දැනුවත් කිරීමක් ද සිදුකළේය.

මේජර් ජෙනරල් එස්.බී. අමුණුගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පි කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම 59 පාබල සේනාංකයේ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබීය.