Header

Sri Lanka Army

Defender of the Nation

21st July 2023 22:24:41 Hours

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරි පුහුණු දින වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් සහභාගි වේ

කුරුණෑගල ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ 2 වන කාර්තුවේ නිලධාරීන්ගේ පුහුණු දින වැඩමුළුව ඉකුත් බ්‍රහස්පතින්දා (20) දින එම රෙජිමේන්තු මූලස්ථානයේදී පැවැති අතර, එම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහභාගී විය.

නිලධාරි පුහුණු දින වැඩමුළුව සඳහා ශාරීරික අභ්‍යාස පුහුණුව, සරඹ පුහුණුවීම්, දේශන සහ ක්‍රීඩා වැඩසටහන් ඇතුලත් විය. ඒ සඳහා ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ නිලධාරීන් 150 දෙනෙකු සහභාගී වූ අතර, එදින සන්ධ්‍යාවේදී නිලධාරි පුහුණු දිනයට සමගාමීව ‘ඩයිනර්ස් ක්ලබ්’ වැඩසටහනද පැවැත්වීය.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු නිලධාරී නිවස්නයේ පැවති ‘ඩයිනර්ස් ක්ලබ්’ වැඩසටහනට සහභාගී වූ යුද්ධ හමුදාධිපතිතුමන් එම අවස්ථාවට සහභාගී වූ නිලධාරීන් සමඟ අදහස් හුවමාරුවක ද නිරත විය.

ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ඒ කීර්තිනාථ ආර්එස්පී කේඑස්පී පීඑස්සී විසින් රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළගනු ලැබීය.

මේජර් ජෙනරල් උදය පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී ආරාධිත දේශණය පවත්වනමින් ‘ඩයිනර්ස් ක්ලබ්’ වැඩසටහනේදී නායකත්ව ලක්ෂණ පිළිබඳව සහභාගි වූවන් දැනුවත් කරමින් ‘What Makes a Leader’යන්න පිළිබඳ පුළුල් දේශනයක් පවත්වන ලදී.

පුහුණු සැසිවාරය අවසානයේදී යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පුහුණු දින වැඩමුළුවට දැක්වූ දායකත්වය වෙනුවෙන් මේජර් ජෙනරල් උදය පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී වෙත සිය ස්තුතිය පුද කරමින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.

මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී, අධ්‍යක්‍ෂ ජෙනරාල් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු මේජර් ජෙනරල් ජේ.ඒ.ආර්.එස්.කේ ජයසේකර යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී වූහ.