Header

Sri Lanka Army

Defender of the Nation

18th July 2023 11:29:02 Hours

ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී පදක්කම් හිමිකරගනිමින් දිවයිනට පැමිණි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් උණුසුම් අයුරින් පිළිගනී

තායිලන්තයේ බැංකොක් නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේදී විශිෂ්ඨ දස්කම් දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 8 දෙනෙකු ඇතුළු ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සඳුදා (ජූලි මස 17) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණි අතර, ඔවුන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

දිවයිනට පැමිණි යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ සභාපති සහ 62 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.ඒ.ජේ.එන්. රණසිංහ ආර්එස්පී යූඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ උප සභාපති සහ කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් වී.එම්.එන්. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ කර්නල් ක්‍රීඩා කර්නල් එච්.එම්.එස්.පී.එස්. ද සිල්වා ආර්එස්පී යූඑස්පී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා මළල ක්‍රීඩා කමිටුවේ ලේකම් ලුතිනන් කර්නල් පී.ආර්.ආර්.කේ.එස්. ජයරත්න ආර්එස්පී පීඑස්සී අයිජී, ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ රියර් අද්මිරාල් ෂෙමාල් ප්‍රනාන්දු (විශ්‍රාමික), ශ්‍රී ලංකා ගුවන් හා නාවික හමුදාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.

තායිලන්තයේ බැංකොක් නුවර සුපචලසායි (Suphachalasai) ජාතික ක්‍රීඩාංගණයේදී ජූලි මස 12 දින සිට 16 දින දක්වා මෙම තරඟාවලිය පැවැති අතර, එහිදී ශ්‍රී ලංකා මළල ක්‍රීඩා කණ්ඩායම ප්‍රථම වරට සමස්ත ශූරතා සටහනේ සිව්වැනි ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.

මෙම ශූරතාවලියේදී, ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 3 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගැනීමට සමත් වූ අතර, ඒ අතරින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට සමත් වූහ.

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වසර 23 කට පසුව ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියකදී රන් පදක්කමක් දිනාගනිමින් ඉතිහාසගත වූ අතර, එහිදී ඔවුන් නව ආසියානු මළල ක්‍රීඩා වාර්තාවක් මෙන්ම ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවීමට සමත් විය.

තරඟාවලියේ දක්‍ෂතා දැක්වූ යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පහතින් දැක්වේ:

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ සැරයන් එච්.කේ.කේ. කුමාරගේ

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බොම්බොඩියර් එස්.ඒ. දර්ශන

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එන්. රාමනායක

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කෝප්‍රල් එච්.එල්.එන්.ඩී. ලේකම්ගේ

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ලාන්ස් බොම්බොඩියර් පී.එම්.පී.එල්. කොඩිකාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල් ආර්.එම්.ආර්.එන්. රාජකරුණා

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ තුවක්කු සෙබළ ජී.ඩී.කේ.කේ. නිකූ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ කාන්තා සෙබළ වී.ආර්.එච්. කුරේ