Header

Sri Lanka Army

Defender of the Nation

17th July 2023 21:31:26 Hours

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ සංචාරයක

යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී 2023 ජූලි මස 10 දින 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ප්‍රථම නිල සංචාරයේ නිරතවිය.

ඒකක මූලස්ථානය වෙත සපැමිණි රෙජිමේන්තු අධිපතිතුමන් වෙත 3 යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරින මේජර් එච්.එම්.ජේ.පී. හීන්කෙන්ද විසින් එම ඒකකයේ කාර්යභාරය පිළිබඳ රෙජිමේන්තු අධිපතිතුමන් දැනුවත් කළේය.

ඒකක අණදෙන නිලධාරිතුමන් සමඟින් කඳවුරු සංචාරයක නිරත වූ මේජර් ජෙනරල් එච්.එම්.යූ. හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

යාන්ත්‍රික පාබල බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් බී.පී.ජී.කේ. බාලසූරිය ආර්එස්පී පීඑස්පී සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ. අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් ද මෙම සංචාරය සඳහා සහභාගී වූහ.