Header

Sri Lanka Army

Defender of the Nation

16th July 2023 18:39:46 Hours

යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය යුද්ධ හමුදාවේ රුධිර පරිත්‍යාගශීලීන්ට ප්‍රණාමය පුද කරයි

යාපනය අර්ධද්වීපයේ රාජකාරියෙහි නියුතු ආරක්‍ෂක අංශ සාමාජිකයින් එම ප්‍රදේශයේ රෝහල්වල ප්‍රථිකාර ගනු ලබන රෝගීන්ගේ ජීවිත බේරාගැනීම සඳහා යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත 2021 ජූලි මස 29 දින සිට 2023 අප්‍රේල් මස 21 දක්වා යුද්ධ හමුදා සාමාජිකයින් 1733 දෙනෙකු රුධිරය පරිත්‍යාග කර ඇත.

‘ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය’ නිමිත්තෙන් යාපනය ශික්‍ෂණ රෝහල විසින් යාපනය හෙද විද්‍යාලයේ දී සංවිධානය කරන ලද උත්සවයකදී යුද්ධ හමුදා සාමාජිකයින් අවශ්‍ය සෑම අවස්ථාවකදීම එම රෝහලේ ප්‍රාදේශීය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය රුධිර පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් යාපනය ශික්‍ෂණ රෝහල විසින් යුද්ධ හමුදාව ප්‍රශංසාවට ලක් කළේය. එම උත්සවයේදී යුද්ධ හමුදාව වෙනුවෙන් 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී මේජර් (වෛද්‍ය) ඒ.ඒ.සී.සී කුමාර වෙත ඇගයීම් සහතිකයක් සහ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය සහභාගි වූ අතර, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දර මහතා ගෞරවනීය ආරාධිත අමුත්තා ලෙස සහභාගි විය. යාපනය ශික්‍ෂණ රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී ටී. පෙරණන්තරාජා, යාපනය ශික්‍ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ටී.සතියමුර්ති, යාපනය ශික්‍ෂණ රෝහලේ රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ ප්‍රාදේශීය රුධිර මධ්‍යස්ථානයේ උපදේශක වෛද්‍ය ඒ.එන්. හෙට්ටිආරච්චි සහ යාපනය ශ්‍රී ලංකා රතුකුරුස සංගමයේ සභාපතිතුමන්ද මෙම උත්සව අවස්ථාවට සහභාගී වූහ.

උත්සවයේදී යුද්ධ හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ 4 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී මේජර් (වෛද්‍ය) ඒ.ඒ.සී.සී. කුමාර වෙත එම යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් ඇගයීම් සහතිකයක් සහ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී.

පලාලි පිහිටි 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බළකා සාමාජිකයන් 254 දෙනෙක්, අල්ලරෙයි පිහිටි 4 විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයන් 64 දෙනෙක්, අයියකච්චි පිහිටි 552 පාබල බලසේනාවේ භටපිරිස් 256 දෙනෙක්, 20 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් 64 දෙනෙක්, කොඩිකාමම් පිහිටි 15 ගජබා රෙජිමේන්තු භටපිරිස් 159 දෙනෙක්, පලාලි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සාමාජිකයින් 94 දෙනෙක්, කන්කසන්තුරේ පිහිටි 10 ක්ෂේත්‍ර ඉංජිනේරු බලකා භටපිරිස් 102 දෙනෙක්, මුහමාලේ ගැමුණු හේවා බලකා සාමාජිකයින් 118 දෙනෙක්, අරාලිතුඩුව පිහිටි 17 ගැමුණු හේවා බලකා සාමාජිකයින් 68 දෙනෙක්, අල්ලාරෙයි 7 විජයබාහු පාබල රෙජිමේන්තු භටපිරිස් 97 දෙනෙක්, කඩ්ඩෙයිකාඩු පිහිටි 55 පාබල සේනාංක මූලස්ථාන සාමාජිකයින් 199 දෙනෙක්, කෝපායි පිහිටි 15 ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළු සාමාජිකයින් 110 දෙනෙක්, අයියකච්චි පිහිටි 12 විජයබාහු පාබල රෙජිමේන්තු සාමාජිකයන් 68 දෙනෙක් සහ කන්කසන්තුරෛයි තිස්ස විහාරස්ථානයේ පැවති ව්‍යාපෘතියක සේවයේ නියුතුව සිටි යුද්ධ හමුදා සාමාජිකයින් 80 දෙනෙක් ඉහත සඳහන් කාලසීමාව තුළ යාපනය ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙනුවෙන් නොමසුරුව තම රුධිරය පරිත්‍යාග කර ඇත.

මෙම වැඩසටහන ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය, සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ උපදෙස් සහ 4 ශ්‍රී ලංකා යුද්ධ හමුදා වෛද්‍ය බලකායේ අණදෙන නිලධාරී මේජර් (වෛද්‍ය) ඒ.ඒ.සී.සී කුමාර ‍ගේ සම්බන්ධීකරණය මත එම ඒකකයේ භටපිරිස් යාපනය රුධිර පාරවිලයන මධ්‍යස්ථානය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කරනු ලැබීය.