Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2023 21:10:15 Hours

නව යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී පත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය සෙනසුරාදා (ජුලි මස 15) දින සිට ධූරයේ රාජකාරි හොඹවනු ලබයි. මීට ප්‍රථම මෙම ධූරයේ රාජකාරි හොඹවනු ලැබූ මේජර් ජෙනරල් සී.ඩී වීරසූරිය ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගන්නා ලදී.

නව ධූරයේ පත්වීම ලැබීමට පෙර මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ කටයුතු කළ අතර, කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක ලෙසද කටයුතු කර ඇත.

තත් ජ්‍යෙෂ්ඨ නිලධාරී ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ බලකාධිපති වශයෙන්ද රාජකාරි කටයුතු කරනු ලබයි. එතුමන්, වර්ෂ 1988 අගෝස්තු මස 16 වන දින සිට 1991 නොවැම්බර් මස 15 දින දක්වා යුද්ධ හමුදාධිපති ලෙස ද කටයුතු කළ ජෙනරල් හැමිල්ටන් වනසිංහ වීඑස්වී VSV (විශ්‍රාමික) ගේ වැඩිමහල් පුත්‍රයා වෙයි.