Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2023 18:09:47 Hours

පැරිසියේ පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලියේදී යුද්ධ හමුදා ක්‍රීඩකයාට ලෝකඩ පදක්කමක්

ප්‍රංශයේ පැරිස් නුවර පැවති පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය - 2023, හෙල්ල විසිකිරීමේ F44 කාණ්ඩයේ තරඟය පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 13) දින පැවති අතර, එහි ලෝකඩ පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මාණ්ඩලික සැරයන් කේ.ඒ.එස් දුලාන් සමත් විය.

ශ්‍රී ලංකා ජාතික පැරාලිම්පික් කමිටුව නියෝජනය කරමින් යුද්ධ හමුදාවේ දක්‍ෂතම පැරා මලල ක්‍රීඩකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත් මාණ්ඩලික සැරයන් කේ.ඒ.එස් දුලාන් එම ඉසව්වේදී මීටර් 64.06 ක දුරක් වාර්තා කරමින් ලෝකඩ පදක්කම දිනා ගත්තේය.

මෙම පැරා මලල ක්‍රීඩා ලෝක ශූරතාවලිය සඳහා මෙරට නියෝජනය කරමින් ජාතික පැරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ.