Header

Sri Lanka Army

Defender of the Nation

15th July 2023 13:56:14 Hours

අලගල්ල සෝදිසි මෙහෙයුමට සහභාගී වූ යුද්ධ හමුදා භටපිරිස් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්

අලගල්ල කඳුකරයේ සංචාරයක නිරතව සිටියදී අතුරුදහන්ව සිට මිය ගොස් සිටි ඩෙන්මාර්ක් ජාතික කාන්තාව සෙවීමේ මෙහෙයුම සඳහා සහභාගී වූ 11 පාබල සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් පස් දෙනෙකු සෙනසුරාදා (ජුලි මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවූ අතර, එහිදී එතුමන් ඔවුන්ගේ එම කාර්යය ඇගයීමට ලක්කලේය.

11 පාබල සේනාංකයට අයත් 2 (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් සමඟ එක්ව මෙම මෙහෙයුම සිදුකරනු ලැබූ යුද්ධ හමුදා සාමාජිකයින් පස් දෙනා වෙත එම මෙහෙයුමේදී මුහුණපෑමට සිදුවූ අභියෝග සම්බන්ධව ඔවුන් සමඟින් අදහස් හුවමාරුකරගත් යුද්ධ හමුදාධිපතිතුමන් එම කාර්යය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත යුද්ධ හමුදාධිපති ප්‍රශංසනාත්මක ලාංඡනය පැළඳුවේය.

මහනුවර, අම්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘Kandy Backpackers Hostel’ හි නවාතැන් ගෙන සිටි ඩෙන්මාර්ක් ජාතික කාර්බ් මන්ක් එබ්සෙන් (Karb Munk Ebssen) මෙනවිය පසුගිය බදාදා (ජුලි මස 12) දින නොපැමිණි බව එම සංචාරක නවාතැන්පොලෙහි බලධාරීන් විසින් පසුගිය බ්‍රහස්පතින්දා (ජුලි මස 13) දින මහනුවර සංචාරක පොලිසිය මාර්ගයෙන් 11 පාබල සේනාංක මූලස්ථානයට දන්වා ඇත. අනතුරුව ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම සහ 11 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන්ගේ උපදෙස් මත එම පාබල සේනාංකයේ භටපිරිස් කඩිනමින් සෝදිසි මෙහෙයුම ආරම්භ කරන ලදී. අතුරුදන් වූ කාන්තාව සෙවීමේ මෙහෙයුම්වල නිරත වූ භටපිරිස් පසුගිය සිකුරාදා (ජුලි මස14) දින උදෑසන අලගල්ල කඳු පාමුල කැලෑ ප්‍රදේශයේ තිබියදී ජීවිතක්‍ෂයට පත් එම කාන්තාවගේ මළසිරුර සොයාගනු ලැබීය.