Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2023 20:56:27 Hours

ධූරයෙන් නික්ම යන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් වෙත ගෞරවාචාර

නුදුරේදී ධූරයෙන් නික්ම යන 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය බදාදා (ජුලි මස 12) දින එම සේනාංක මූලස්ථානයේදී පැවැත්විණි.

සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ආර්.එම්.එම්. රණසිංහ ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම සේනාංක සරඹ භූමියේදී හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය ද පුදකළහ.

භටපිරිස් ආමන්ත්‍රණය කළ 59 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් සිය සේවා කාලය තුළ ලබාදුන් සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත ස්තූතිය පුදකළ අතර, යුද්ධ හමුදාවේ කීර්තිනාමය ආරක්‍ෂා කරගනිමින් නව සේනාංකාධිපතිතුමන් සමඟ සහයෝගයෙන් සහ උනන්දුවෙන් රාජකාරි කටයුතු සිදුකරන මෙන් දැනුවත් කළේය. උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණී.

59 පාබල සේනාංකයේ සියලු නිලයන් නියෝජනය කරමින් නික්ම යන සේනාංකාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අණදෙන නිලධාරින්, ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.