Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2023 21:23:29 Hours

නව පුහුණු අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව පුහුණු අධ්‍යක්‍ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී හමුදා සම්ප්‍රදායානූකූලව පැවති උත්සවයකදී පසුගිය බ්‍රහස්පතින්දා (ජූලි මස 13) දින රාජකාරි කටයුතු ආරම්භ කරන ලදී.

නව පුහුණු අධ්‍යක්‍ෂතුමන් සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරි භාරගැනිම සනිටුහන් කරමින් නිල ලේඛණයකට අත්සන් තැබූවේය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ දොලගේ යූඑස්පී පීඑස්සී 59 පාබල සේනාංකයේ සේනාංකාධිපති ධූරය සඳහා පත්කෙරිණි. බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී මෙම ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මූලස්ථානයේ සහකාර යුධ සේවා ලේකම්වරයා ලෙස රාජකාරි හෙඹවූයේය.

ධූරයේ රාජකාරි භාරගැනීමෙන් පසුව බ්‍රිගේඩියර් පී.කේ.එස් නන්දන ආර්එස්පී යූඑස්පී පීඑස්සී එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් හා කාර්යය මණ්ඩල සාමාජිකයින් සමඟින් සුහඳව අදහස් හුවමාරු කරගත් අතර, එහිදී එතුමන්ගේ ඉදිරි දැක්ම පිළිබඳව ඉදිරිපත් කළේය. අනතුරුව එතුමන් අධ්‍යක්‍ෂ ජෙනරාල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව්.ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී හමු විය.

මෙම අවස්ථාවට පුහුණු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගි වූහ.