Header

Sri Lanka Army

Defender of the Nation

14th July 2023 00:32:03 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, බල ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත බළඇණි පුහුණු පාසල් භූමියේ නිරීක්‍ෂණ චාරිකාවක

ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත කිරීමට යෝජිත නව බලඇණි පුහුණු පාසලේ ඉදිකිරීම් භූමියේ වත්මන් තත්ත්වය සොයාබැලීම සඳහා බදාදා (ජූලි මස 12) දින පානළුව යුුද්ධ හමුදා වෙඩි පිටියේ ක්ෂේත්‍ර චාරිකාවක නිරත වූහ.

ක්ෂේත්‍ර චාරිකාවේදී, පානළුව යුුද්ධ හමුදා වෙඩි පිටියට යාබදව, පිහිටි ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ 15 ඩ්‍රෝන් රෙජිමේන්තුවේ ස්ථාපිත කිරීමට යෝජිත නව බලඇණි පුහුණු පාසල සඳහා වෙන් කර ඇති ස්ථානය එතුමන් නිරීක්‍ෂණය කළේය.

මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් පුහුණු ක්‍රීඩාංගණ, පරිපාලන ගොඩනැගිලි, ප්‍රදේශයේ ආරක්ෂාව, මාර්ග සැලැස්ම සහ භටනිවාස පහසුකම් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් බලඇණි පුහුණු පාසල පිහිටුවීමට අදාළ ප්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමු කල අතර, පවතින යටිතල පහසුකම් අතරින් භාවිතයට ගත හැකි යටිතල පහසුකම් පිළිබඳවද සාකඡ්චා කරනු ලැබීය. මෙම ව්‍යාපෘතිය සාර්ථක කර ගැනීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර යටතේ ස්ථාපිත පාබල සේනාංක, බලසේනා සහ ඒකකයන් අතර සම්බන්ධීකරණය සහ සහයෝගීතාවයේ වැදගත්කම ද අවධාරණය කළේය.

ක්ෂේත්‍ර චාරිකාව සඳහා මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී. පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී සමගින් 14 පාබල සේනාංකයේ වැඩබලන සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා මූලස්ථානය - බටහිර මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිප දෙනෙකුද සහභාගී වූහ.