Header

Sri Lanka Army

Defender of the Nation

12th July 2023 20:27:24 Hours

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකරනු ලැබු ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරේ

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ නවතමයෙන් ඉදිකරනු ලැබූ ගොඩනැගිලි සංකීර්ණය ඉකුත් සෙනසුරාදා (ජූලි මස 8) දින මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් කේ.ඒ.ඩබ්ලිව්. එන්.එච්. බණ්ඩාරනායක යූඑස්පී විසින් විවෘත කරන ලදී.

යුද්ධ හමුදා පුහුණු පාසලේ භටපිරිස් විසින් ඉදිකරන ලද මෙම නව පහසුකම් සහිත බහුකාර්ය ගොඩනැගිලි සංකීර්ණය රූපලාවණ්‍යාගාරයක්, ආපනශාලාවක්, ලිපි ද්‍රව්‍ය වෙළඳ සැලක් සහ මැහුම් හළකින් ද සමන්විත වේ.

ආගමික වතාවත් මධ්‍යයේ ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර පීත්ත පටිය කපා නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කරන ලදී.

මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගි වූහ.