11th July 2023 22:11:56 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 පාබල සේනාංකයේ භටපිරිස් වන්නි ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර සුහදත්වය සහ සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් වවුනියාව වෙළඳ සංගමයෙන් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙතින් සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් එම සංගමය වෙනුවෙන් නව දෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණයක් ඉදිකරනු ලැබීය. වවුනියාව වෙළඳ සංගමයේ සභාපති ෂන්මුගරාජා සුජෙන් මහතා සහ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි අතර පැවති සුහද හමුවකදී එම සංගමයේ පරිපාලන කටයුතු වෙනුවෙන් ඉදිකරනු ලැබූ මෙම ගොඩනැගිලි සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු වෙනුවෙන් යුද්ධ හමුදා භටපිරිස්හි තාක්‍ෂණික දැනුම සහ සහ ශ්‍රම දායකත්වය ඉල්ලා සිටියේය. යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි වෙතින් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් 56 පාබල සේනාංකයේ භටපිරිස් යෙදවීය.
එම සංගමයේ සාමාජිකයින්ගේ සුබපැතුම් හා ආගමික ආශිර්වාද මධ්‍යයේ නව දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය පසුගිය ඉරිදා (09) දින පැවති කෙටි උත්සවයකදී විවෘත කෙරිණී.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වූ ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ සුරතින් සමරු ඵලකය නිරාවරණය කර සම්ප්‍රදායික පොල්තෙල් පහන දල්වා නව ගොඩනැගිල්ල විවෘත කරනු ලැබීය. මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුසේන මහතා, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා, වවුනියාව පොලිස් ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති පී. අම්පාවිල මහතා, 56 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ජී.පී.එම්. කාරියවසම් ආර්එස්පී එන්ඩීසී පීඑස්සී අයිජී සහ වවුනියාව වෙළඳ සංගමයේ නියෝජිතයන් පිරිසක් ද සහභාගී වූහ. මෙම නව ගොඩනැගිලි සංකීර්ණය සම්මන්ත්‍රණ ශාලාවකින් සහ සියලු නවීන පහසුකම්වලින් සමන්විත කාර්යාල මැදිරිවලින් සමන්විත වේ. ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි භටපිරිස් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය තාක්‍ෂණික දැනුම සහ ශ්‍රම දායකත්වය ලබාදුන් අතර වෙළඳ සංගමය වෙතින් අමුද්‍රව්‍ය සඳහා අවශ්‍ය අනුග්‍රාහකත්වය ලබාදුන්හ.
මෙම අවස්ථාවේදී, ව්‍යාපෘතියේ සාර්ථකත්වය වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා භටපිරිස් දැක්වූ දායකත්වය ඇගයීමට ලක්කරමින් කරමින් වවුනියාව වෙළෙද සංගමයේ සභාපතිතුමන් විසින් ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. එමෙන්ම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි කෙරෙහි තැබූ විශ්වාසය වෙනුවෙන් එම වෙළඳ සංගමයේ සභාපතිවරයා වෙත තවත් සමරු තිළිණයක් ද ප්‍රදානය කළේය.
මෙම අවස්ථාව සඳහා උතුරු පළාත් ප්‍රධාන ලේකම් සමන් බන්දුසේන මහතා, වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. සරත්චන්ද්‍ර මහතා, වවුනියාව පොලිස් ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති පී. අම්පාවිල මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසුනිලයන් සහ වෙළඳ සංගමයේ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී වූහ.