Header

Sri Lanka Army

Defender of the Nation

11th July 2023 20:07:41 Hours

‘දීඝවාපිය’ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියර ඇරඹේ

බෞද්ධ දර්ශනයේ පූජනීය සිද්ධස්ථාන දහසයෙන් එකක් වන අම්පාර ‘දීඝවාපිය’ චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 1 වන අදියර යටතේ උස අඩි 69 ක ප්‍රමාණයක් නිමකිරීමෙන් පසු ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියර පසුගිය සඳුදා (ජුලි මස 10) දින ආරම්භ කරනු ලැබීය.

ව්‍යාපෘතියේ 2 වන අදියරේ සමාරම්භක අවස්ථාව සඳහා සහභාගී වූ ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆීල් (විශ්‍රාමික), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, ගුවන් හමුදාධිපති එයා මාර්ෂල් උදේනි රාජපක්‍ෂ ආර්එස්පී (දෙවරක්), වීඑස්වී, යූඑස්පී, එම්එස්සී (එම්ඕඒ) අමෙරිකා එක්සත් ජනපදය, එම්එස්සී (ආරක්‍ෂක අධ්‍යයන) කළමණාකරන, අයිඑස් සහ එස් හි එම්ඒ (එක්සත් රජධානිය), බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයන), එම්අයිඑම් (ශ්‍රී ලංකා), ඒඑම්අයිඊ (ශ්‍රී ලංකා), ආර්සීඩීඑස්, පීඑස්සී ඇතුළු තවත් සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වෙමින් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියර සඳහා මුල්ගල් තැබූහ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රවීන පුරාවිද්‍යාඥයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව අඩි 268 ක් උසැති චෛත්‍යයේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා යුද්ධ, නාවික, ගුවන් හමුදාවන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සාමාජිකයින් එක්ව මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය 2020 වසරේ මෙම ආරම්භ කරනු ලැබූහ. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ‘දීඝවාපිය භාර අරමුදල’ වෙතින් සම්පාදනය කරනු ලබයි. මෙම අවස්ථාවට සහභාගී වූ සම්භාවනීය අමුත්තන් ප්‍රථමයෙන් දීඝවාපිය විහාරස්ථානයේ විහාරාධිපති මහඔය සෝභිත හිමිපාණන් බැහැදැක උන්වහන්සේගේ සුවදුක් විමසීමෙන් අනතුරුව දැනට ක්‍රියාත්මක ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ ප්‍රගතිය පිළිබඳ විමසා සිටියහ.

ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියේ 2 වන අදියරේ සමාරම්භක අවස්ථාවට සහභාගී වීමට ප්‍රථම ඔවුන් විහාරස්ථානයේ ධාතු මන්දිරය, බැතිමතුන්ගේ විවේකාගාරය සහ භික්‍ෂූන් වහන්සේලාගේ සංඝාවාසයන්හි දැනට සිදුකෙරෙමින් පවතින ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළහ. නාවික හා ගුවන් හමුදා සාමාජිකයන් සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහයෝගය ඇතිව ඉංජිනේරු සේවා බලකාය සහ 8 ශ්‍රී ලංකා යුද්ධ හමුදා ජාතික ආරක්‍ෂක බලමුළුවේ සාමාජිකයන් විසින් සමස්ථ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සිදුකරනු ලබයි.

මෙම සමාරම්භක අවස්ථාවට සහභාගී වීමෙන් අනතුරුව පොතුවිල් සෙංගමුව නීලගිරි චෛත්‍ය විහාරස්ථානයට පැමිණි පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් විසින් එම විහාරස්ථානයේ සිදුකරනු ලබන ඉදිකිරීම් කටයුතු පිළිබඳ නිරීක්‍ෂණය කළහ. මෙම ව්‍යාපෘතියේ සමාරම්භක අවස්ථාව සඳහා ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී. විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ඉදිකිරීම් ඉංජිනේරු අධ්‍යක්‍ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් එච්.ඩබ්ලිව්.එම්.යූ. විජේසිංහ යූඑස්පී, බීඑස්සී (ආරක්‍ෂක අධ්‍යයන), සී ඉංජිනේරු, එම්අයිඊ (ශ්‍රී ලංකා), එම්සීපීඑම්, ඒයූකේඒපී (එක්සත් රාජධානිය), 22, 23 සහ 24 පාබල සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, අම්පාර පොලිස් ස්ථානයේ නියෝජ්‍ය ස්ථානාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.