10th July 2023 08:40:23 Hours
සාලියපුර ස්ථාපිත ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් තිදෙනෙකු වන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ, බ්‍රිගේඩියර් ටී.එම් හෙට්ටිආරච්චි ආර්එස්පී සහ බ්‍රිගේඩියර් ටී.එම්.ආර්.බී රත්නායක සිය යුද්ධ හමුදා සේවා කාලය අවසන් කර විශ්‍රාම ගැනීමට නියමිත අතර, ඒ වෙනුවෙන් ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී විශේෂ සමුගැනීමේ උත්සවයක් ඉකුත් සිකුරාදා (07) පවත්වන ලදී. මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ‘මොහාන් රත්නායක’ නමින් යුද්ධ හමුදාව තුළ ප්‍රසිද්ධ අතර, එතුමන් වසර 35කට අධික ආදර්ශමත් සේවයකින් පසු විශ්‍රාම යන විට ආරක්ෂක සේනා ආඥාපති - මධ්‍යම ධූරයේ රාජකාරි හොඹවන ලදී. බ්‍රිගේඩියර් ටී. එම් හෙට්ටිආරච්චි ආර්එස්පී, යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ අතර, බ්‍රිගේඩියර් ටී.එම්.ආර්.බී රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විශ්‍රාම යන විට 111 පාබල බලසේනාවේ බලසේනාධිපති ලෙස කටයුතු කළේය.
සාලියපුර ගජබා රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රයේදී හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව පවත්වනු ලැබූ හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාර පුද කිරීමේ උත්සව අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වූහ. ගජබා රෙජිමේන්තුවේ නිර්මාතෘ වන දිවංගත මේජර් ජෙනරල් විජය විමලරත්න ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ පිළිරුවට පුෂ්පෝපහාර පුදකිරීමෙන් අනතුරුව හමුදා සම්ප්‍රදායානූකූලව භටපිරිස් විසින් කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන්ලා වෙත පුදකරනු ලැබීය. ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් කේ.ආර් කළුපහන ආර්එස්පී යූඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් සමඟින් යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාමගැනීමට නියමිත ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිළිගත් අතර, අනතුරුව ගජබා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එච්.ටී.ඩබ්ලිව්. විද්‍යානන්ද ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී විසින් ඔවුන් තිදෙනා වෙත හමුදා සම්ප්‍රදායානූකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා සරඹ භූමිය වෙත කැටුව යනු ලැබීය.
මෙම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනා වෙනුවෙන් ගජබා රෙජිමේන්තු මූලස්ථානයේ සෙසු නිල නිවස්නයේදී සියලු නිල තේ පැන් සංග්‍රහයක් ද පවත්වන ලදී. යුද්ධ හමුදාධිපති සහ ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ගේ ප්‍රධානත්වයෙන් පැවැති රාත්‍රී භෝජන සංග්‍රහයකින් පසුව දවසේ කටයුතු අවසන් විය. ගජබා රෙජිමේන්තු නිලධාරී නිවස්නයේ පැවැති මෙම අවස්ථාව සඳහා ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.