05th July 2023 17:23:49 Hours
ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ධූරයේ රාජකාරී කටයුතු සිදුකළ කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් (Colonel Muhammad Safdar Khan) ඉකුත් බදාදා (ජූලි මස 05) දින මෙරට සිය රාජ්‍යතාන්ත්‍රික කටයුතු අවසන් කර තම රට වෙත පිටත්ව යාමට පෙරාතුව යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවී සුහඳ පිළිසඳරක නිරත විය.
යුද්ධ හමුදාධිපතිතුමන් සහ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක අතර පැවැති හමුවේදී කලාපයේ පොදු කරුණු සහ දෙරටේ හමුදාවන් අතර දිනෙන් දින වර්ධනය වන ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
කර්නල් මුහම්මද් සෆ්දාර් ඛාන් තම සේවා කාලය තුළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ලබා දුන් සහයෝගය වෙනුවෙන් කෘතඥතාව පළ කළ අතර, ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉදිරි කටයුතු සඳහා ද සුබ පැතුම් එක් කළේය.
සුහඳ හමුවේ සමාප්තිය සනිටුහන් කරමින්, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ, සිය ධූර කාලය තුළ ශ්‍රී ලංකාවේ පාකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ලෙස ලබාදුන් සහයෝගය අගය කරමින්, එතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළ අතර, අනතුරුව එතුමන් විසින්ද යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළේය.