Header

Sri Lanka Army

Defender of the Nation

26th June 2023 07:33:25 Hours

පාද යාත්‍රාවේ නිරත බැතිමතුන් වෙනුවෙන් යුද්ධ හමුදාවේ මූලිකත්වයෙන් බත් දන්සැලක්

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ ස්ථාපිත 12 පාබල සේනාංකයේ භටපිරිස් විසින් පාද යාත්‍රාවේ නිරත බැතිමතුන් වෙනුවෙන් ජුනි මස 15 දින සිට 21 දින දක්වා කාලය තුළ යාල ජාතික වනෝද්‍යානය සහ කටගමුව පිවිසුමේ දී ඔවුන් වෙත අවශ්‍ය ආගන්තුක සත්කාරයන් සිදුකරනු ලැබීය.

කතරගම දේවාලයේ හිටපු බස්නායක නිලමේතුමාගේ අනුග්‍රහකත්වය මත එම ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයන් පාද යාත්‍රාවේ නිරත බැතිමතුමන් වෙනුවෙන් පසුගිය බදාදා (21) දින බත් දන්සැලක් පැවැත්වීය. ඒ සඳහා බැතිමතුන් 11,000 කට අධික පිරිසක් සහභාගී වූහ.

ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම්. රත්නායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත 11 පාබල සේනාංකය සහ 12 පාබල සේනාංකයේ සේවයේ නියුතු භටපිරිස් දන්සැලේ ආහාර පිසීමට සහ අනෙකුත් කටයුතු වෙනුවෙන් සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ.

මෙම දන්සැල 12 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් පී.පී.ඒ. පෙරේරා එච්ඩීඑම්සී පීඑස්සී, බලසේනාධිපතිවරුන් සහ අණදෙන නිලධාරීන්ගේ සම්බන්ධීකරණය මත සිදුකෙරිණි.