21st June 2023 20:03:24 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය, 27 වන සංවත්සර දිනය ආගමික වතාවත් හා හමුදා සම්ප්‍රදායානුකූලව පසුගිය සඳුදා (19) දින පැවැත්විණි.සංවත්සර දිනයට ප්‍රථම, ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය භටපිරිස් සහභාගීත්වයෙන් ඉකුත් ඉරිද (18) දින එම මූලස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් පැවත්වූ අතර, එහිදී යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු සියළුම භටපිරිස් වෙත ආශිර්වාද එක් කරන ලදී.
සංවත්සර උත්සව අවස්ථාව සඳහා සඳුදා (19) දින කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී වෙත ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. හමුදා සම්ප්‍රදායන්ට අනුකූවව පැවති උත්සව අවස්ථාවේදී ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය ,ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් ගේ සහභාගීත්වයෙන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් පැවැත්වූ අතර, අනතුරුව පැවති සංගීත ප්‍රසංගයෙන් පසුව උත්සවයේ කටයුතු අවසන් විය.