21st June 2023 20:57:37 Hours
55 පාබල සේනාංකය සහ 551 පාබල බලසේනාවේ සම්බන්ධීකරණයෙන් යාපනය අර්ධද්වීපයේ වඩමාරච්චි කලාප අධ්‍යාපන බල ප්‍රදේශයේ කොට්ටාවත්තයි ඇමරිකන් මිෂන් දමිළ මිශ්‍ර පාසලේ සහ පොලිකන්ඩි හින්දු දමිළ මිශ්‍ර පාසලේ 9, 10 සහ 11 ශ්‍රේණිවල ඉගෙනුම ලබන අඩු ආදායම්ලාභී පවුල්වල සිසුන්ගේ අධ්‍යාපන මට්ටම් ඉහළ නැංවීමේ අරමුණින් සතියකට දින දෙකක් ඉංග්‍රීසි, ගණිතය සහ විද්‍යාව යන විෂයන් සඳහා පන්ති පැවැත්වීමේ ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා විදේශගත මේජර් ජෙනරල් රවී රත්නසිංහම් ගේ සම්බන්ධීකරණයෙන් කැනඩාවේ පිහිටි ‘Vanni Aids’ සංවිධානයේ අනුග්‍රාහකත්වය ලබාදෙනු ලැබීය.
ව්‍යාපෘතිය 55 පාබල සේනාංකයේ සිවිල් සම්බන්ධීකරණ කාර්යාලයේ සම්බන්ධීකරණය සහ 4 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භටපිරිස්හි කළමණාකාරීත්වය මත ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති අතර ‘Vanni Aids’ සංවිධානය වෙතින් එම උපකාරක පන්ති මෙහෙයවනු ලබන පේදුරුතුඩුව ප්‍රදේශයේ එක් උපකාරක ගුරුවරයෙකුට මාසිකව රු. 12,000/= බැගින් සෑම විෂයයක් වෙනුවෙන්ම මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරනු ලබයි.
පොලිකන්ඩි හින්දු දමිළ මිශ්‍ර පාසල් පරිශ්‍රයේ පසුගිය සඳුදා (19) දින පැවති කෙටි උත්සවයකදී මෙම උපකාරක පන්ති පැවැත්වීම ආරම්භ කෙරිණි.
මෙම සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 55 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එම්.කේ.යූ.පී. ගුණරත්න ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී අයිජී සහභාගී වූ අතර වඩමාරච්චි කලාප අධ්‍යාපන කාර්යාලයේ අධ්‍යක්‍ෂ කේ. සත්‍යපාලන් මහතා, කරවෙඩ්ඩි අතිරේක ප්‍රාදේශීය ලේකම් උමාකාන්ති සිවකාමි මහත්මිය, එන්. ජගනාදන් මහතා, කැනඩාවේ පිහිටි ‘Vanni Aids’ සංවිධානයේ නියෝජිතයින්, විදුහල්පතිවරුන්, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, උපකාරක පංති පවත්වනු ලබන ගුරු මණ්ඩලය සහ සියලුම සිසු සිසුවියන් සහභාගී වූහ.