Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2023 20:00:23 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

රත්මලාන ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක හා රංග කලා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ශ්‍රී ලංකා පාබල හමුදාවේ බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ. බණ්ඩාර ආර්එස්පී පසුගිය බ්‍රහස්පතින්දා (ජුනි මස 15) දින පැවති කෙටි උත්සවයකදී රාජකාරි භාරගත්තේය. ධුරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ. බණ්ඩාර ආර්එස්පී සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබුවේය. මෙම අවස්ථාව සඳහා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරින් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීමෙන් අනතුරුව බ්‍රිගේඩියර් පී.ආර්.බී.ඒ. බණ්ඩාර ආර්එස්පී හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය. මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් ටී.එම්. හෙට්ටිආරච්චි ආර්එස්පී යුඑස්පී නුදුරේදී විශ්‍රාම දිවියට එලබීමට නියමිතව සිටියි.