Header

Sri Lanka Army

Defender of the Nation

20th June 2023 14:47:14 Hours

යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ මියගිය යුද්ධ හමුදා සාමාජිකයන්ට හිමි හිඟ සලාක මුදල් ජුනි මස වැටුපට එකතු කෙරේ

(මාධ්‍ය නිවේදනය)

2022 වර්ෂයේ මැද භාගයේ මෙරට ඇතිවූ ආර්ථික අවපාතයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ට ඇතිවූ ආර්ථික පීඩනය අවම කිරීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ ඉල්ලීමකට අනුව සියලුම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මාසික සලාක මුදල රුපියල් දසදහසකට ආසන්න මුදලකින් ඉහල නැංවීමට ගරු ජනාධිපතිතුමන් නිර්දේශ කරන ලදී. ඒ අනුව සක්‍රීය සේවයේ නියුතු සියලු යුද්ධ හමුදා සාමාජිකයින්ගේ මාසික සලාක මුදල 2023 අප්‍රේල් මාසයේ සිට ඉහල නැංවුණු අතර එය මැයි මාසයේ සිට සියලුම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ වැටුපට එකතුකරන ලදී.

නමුත් පාලනමය රාජකාරී කටයුතු හේතුවෙන් ලබාදීමට ප්‍රමාද වූ යුද්ධයේදී තුවාල ලබා විශ්‍රාම ගිය සහ මිය ගිය යුද්ධ හමුදා සාමාජිකයින්ට ලබාදිය යුතු සලාක මුදල මැයි මාසයේදී ඔවුන්ගේ වැටුපට එකතුකිරීමට ප්‍රමාදයක් සිදුවිය. ඔවුනට ලැබිය යුතු අප්‍රේල් හා මැයි මාසය සඳහා වන හිඟ සලාක මුදල ඔවුන්ගේ වැටුපට එකතුකර ලබාදීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අද දින (ජුනි 20) කටයුතු කරන ලදී. (නිමාව)