19th June 2023 19:25:06 Hours
22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන්. පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී ධුරයේ රාජකාරි කටයුතු භාරගැනීමෙන් අනතුරුව 2023 ජුනි මස 8 දින සිට 14 දින දක්වා ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 221, 222 සහ 223 පාබල බලසේනාවන් සහ ඒ යටතේ ස්ථාපිත ඒකකයන්හි නිල සංචාරයක නිරතවිය.
එම මූලස්ථානයන්හිදී, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එම මූලස්ථානයන්හි කාර්යභාරය පිළිබඳ එතුමන් දැනුවත් කරනු ලැබීය. ඉන් අනතුරුව, එතුමන් හමුදා සම්ප්‍රදායානුකූලව භටපිරිස් ආමන්ත්‍රණය කළේය.
සංචාරයේ අවසන් දිනයේදී එතුමන් තාවුල්වැව බලඇණි පුහුණු පාසලේ සංචාරයක නිරත වෙමින් එම පුහුණු පාසලේ පුහුණුව ලබන 6 ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ භටපිරිස් සමඟ සුහඳ පිළිසඳරක නිරත වූවේය. සංචාරය අතරතුර, 22 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම පුහුණුවීම්වල නිරත භටපිරිස් වෙනුවෙන් ‘ජීවිතය’ මැයෙන් හරවත් දේශනයක් ද පවත්වන ලදී.