18th June 2023 16:23:34 Hours
පසුගිය දා ධුරයේ රාජකාරි ආරම්භ කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (ජූනි මස 15) දින කච්චිගල ප්‍රදේශයේ පිහිටි පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ සංචාරයක නිරතවිය.
කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජිනේරු වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ටී.සී. පීරිස් ආර්එස්පී යූඑස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව, නිලධාරින් සහ සෙසුනිලයන් ආමන්ත්‍රණය කරමින් මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී. අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීසී පීඑස්සී ජාතිය ගොඩනැගීමේ කාර්යයන් සඳහා කැපවන එම යුද්ධ හමුදා සාමාජිකයන්ගේ ප්‍රශංසනීය සේවය ඇගයීමට ලක්කළ අතර අනාගතයේදී ඔවුන්ට පැවරෙන්නා වූ රාජකාරීන් ඒ ආකාරයෙන්ම ඉටුකිරීමේ වැදගත්කම පිළිබඳවද අවධාරණය කළේය. මෙම අවස්ථාව සඳහා පොදුකාර්ය ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.