Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2023 16:27:37 Hours

64 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් 17 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සහ ඉදිරි උපාය මාර්ගික සැලසුම් යටතේ 64 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එච්.ඩී.ඩබ්ලිව්.කේ.එන්. ඊරියගම ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය අඟහරුවාදා (13) දින එම සේනාංකය යටතේ ස්ථාපිත 17 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ නිල සංචාරයක නිරත විය.

භටපිරිස් ආමන්ත්‍රණය කළ 64 පාබල සේනාංකයේ සේනාංකාධිපතිතුමන් රාජකාරි කටයුතු නිසි ආකාරව ඉටුකිරීම සඳහා 17 (ස්වෙච්ඡා) ගජබා රෙජිමේන්තුවේ සාමාජිකයින් දක්වන දායකත්වය වෙනුවෙන් සිය ස්තූතිය පුද කළ අතර, රෙජිමේන්තුවේ අභිවෘද්ධිය වෙනුවෙන් සිදුකරනු ලබන කාර්යභාරයන් වෙනුවෙන් ද එහිදී ඔවුන් වෙත සිය සුබපැතුම් එක්කළේය. මෙම සංචාරය සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයන් එක්ව සිටියහ.