Header

Sri Lanka Army

Defender of the Nation

19th June 2023 19:13:43 Hours

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවෙයි

මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් සවු බෝ (Senior Colonel Zhou Bo) අද (ජුනි මස 19) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. මෙම සුහද හමුවේදී, ද්විපාර්ශ්විකව වැදගත්වන කරුණු පිළිබඳ අවධානය යොමුකෙරිණි. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ජ්‍යෙෂ්ඨ කර්නල් සවු බෝ දෙරටේ ත්‍රිවිධ හමුදාවන් අතර පවතින සුහදතාවය, සහයෝගිතාවය සහ දෙරටෙහි දිගුකාලීන බැඳීම් සිහිපත් කරමින් අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම පිළීබඳව කරුණු අවධාරණය කළේය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සඳහා වන විශේෂ පුහුණු වැඩසටහන් තවදුරටත් වැඩිදියුණු කිරීමේ හැකියාව මෙන්ම දෙරටේ සන්නද්ධ හමුදාවන් අතර විවිධ පුහුණුවීම් සඳහා සහභාගී කරවීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. සුහද හමුව සමාප්තියේ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ ජ්‍යෙෂ්ඨ කර්නල් සවු බෝ අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි. මෙම අවස්ථාව සඳහා මහජන චීන සමූහාණ්ඩුවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සහකාර ආරක්‍ෂක උපදේශක කර්නල් ගාඕ බින් (Colonel Gao Bin) සහභාගී වූහ.