Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2023 21:30:02 Hours

බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ 5 වන පාඨමාලාව සාර්ථකව අවසන්

ඇඹිලිපිටිය, තුන්කම යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ දී පැවති බෝම්බ සහ පුපුරණ ද්‍රව්‍ය නිෂ්ක්‍රීය කිරීමේ 5 වන පාඨමාලාව (BIEDD) පසුගිය බ්‍රහස්පතින්දා (15) දින සාර්ථකව අවසන් විය. පාඨමාලාවේ සමාප්ති උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ප්‍රධාන ක්‍ෂේත්‍ර ඉංජිනේරු මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පාඨමාලාව සාර්ථකව හැදෑරූවන් වෙනුවෙන් පාඨමාලා ලාංඡන පලඳවා සහතික පත් ප්‍රදානය කරනු ලැබීය.

මෙම පාඨමාලාව ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ නිලධාරීන් 03 දෙනෙකු සහ සෙසුනිලයන් 24 දෙනෙකුගේ සහභාගීත්වයෙන් පෙබරවාරි මස 06 දින සිට ජුනි මස 15 දින දක්වා පැවති අතර එය මූලික රසායනික ජීවවිද්‍යාත්මක විකිරණශීලි සහ න්‍යෂ්ටික ප්‍රතිචාර දැක්වීම පිළිබඳ දින 14 ක පුහුණුවකින් ද සමන්විත විය.

පාඨමාලාවේ නිලධාරි සහ සෙසුනිල කාණ්ඩයන්ගේ ප්‍රථම ස්ථානයන් පිළිවෙලින් 10 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කපිතන් ටී.ජී.එච්.එම් කරුණාරත්න සහ 9 ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කෝප්‍රල් එම්.එම්.එම්.එම් මාරසිංහ හිමිකර ගත්හ. මේජර් ජෙනරල් ඒ.එච්.එල්.ජී අමරපාල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී විසින් පාඨමාලාවේ සමාප්ති දේශනය සිදුකරන ලදී.

පාඨමාලාවේ සමාප්ති උත්සව අවස්ථාවට ඉංජිනේරු සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් එස්.ඒ කුලතුංග ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී, ඉංජිනේරු බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.පී.කේ මදුරප්පෙරුම ආර්එස්පී යූඑස්පී පීඑස්සී, යුද්ධ හමුදා ඉංජිනේරු පුහුණු පාසලේ සේනාවිධායක කර්නල් එම්.කේ.වී මනෝහරන් යුූඑස්පී, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසුනිලයන් පිරිසක් සහභාගී වූහ.