Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2023 16:10:40 Hours

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද, 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක

ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී පසුගිය බදාදා (ජුනි මස 14) දින ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා කඳවුරේ නිල සංචාරයක නිරත විය.

සංචාරයේ නිරත බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 3 ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී මේජර් එම්.ඩී.එස්.යූ.කේ. වීරසිංහ යූඑස්පී පීඑස්සී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී සමූහ ඡායාරූප කිහිපයකට ද පෙනීසිටියේය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් කඳවුරේ ඉදිරි සංවර්ධන කටයුතු සඳහා අවශ්‍ය උපදෙස් ද ඔවුන් වෙත ලබාදෙන ලදී.