Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2023 16:40:57 Hours

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ රාජකාරි අරඹයි

කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නව අධ්‍යක්‍ෂ ලෙස ගැමුණු හේවා බලකායේ බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී පසුගිය සිකුරාදා (ජුනි මස 16) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ ස්ථාපිත එම අධ්‍යක්‍ෂ මණ්ඩලයේදී රාජකාරි භාරගත්තේය.

නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබීය.

මීට ප්‍රථම මෙම ධූරය හෙබවූ බ්‍රිගේඩියර් ඒ.කේ. රාජපක්‍ෂ ආර්එස්පී ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද ධූරයේ රාජකාරි කටයුතු හොබවනු ලබයි.

නව ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම බ්‍රිගේඩියර් බී.එන්. මදනායක ආර්ඩබ්ලිව්පී ආර්එස්පී රාගම රණවිරු සෙවන සුවතා නිකේතනයේ සේනාවිධායක ධූරය හෙබවූවේය.

මෙම අවස්ථාව සඳහා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් ද සහභාගී වූහ.