Header

Sri Lanka Army

Defender of the Nation

18th June 2023 16:15:00 Hours

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් 57 පාබල සේනාංක මූලස්ථානයේ සංචාරයක

ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගිය අඟහරුවාදා (ජුනි මස 13) දින කිලිනොච්චි ප්‍රෙද්ශයේ පිහිටි 57 පාබල සේනාංක මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.

57 පාබල සේනාංක මූලස්ථානය වෙත පැමීණීමට ප්‍රථම මේජර් ජෙනරල් එම්.කේ. ජයවර්ධන ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ කොකාවිල් රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වීය. සේනාංක මූලස්ථානයේ ප්‍රධාන දොරටුව අභියසදී ආරක්‍ෂක සේනා ආඥාපති - මුලතිව් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව 57 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජේ.පී.සී. පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් එතුමන් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

එම සේනාංක මූලස්ථානය යටතේ ස්ථාපිත ආනවිලන්දන්කුලම් ප්‍රදේශයේ පිහිටි බලඇණි පුහුණු පාසල් පරිශ්‍රයෙහි පැවති සියලු නිල තේ පැන් සංග්‍රහය අතරතුර එතුමන් භටපිරිස් සමඟින් සුහද අදහස් හුවමාරුවක ද නිරත විය. එහිදී, එතුමන් බලඇණී පුහුණු පාඨමාලාව සම්පූර්ණ කළ 6 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ආමන්ත්‍රණය කර ජයග්‍රාහකයින් වෙත කුසලාන ප්‍රදානය කරන ලදී. මෙම සංචාරය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.