Header

Sri Lanka Army

Defender of the Nation

17th June 2023 20:53:54 Hours

නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර සහ පළාත් ආණ්ඩුකාරතුමන් අතර හමුවක්

ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී පසුගිය බ්‍රහස්පතින්දා (16) දින ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ස්ථාපිත 22 පාබල සේනාංකයේ නිල ක්‍ෂේත්‍ර චාරිකාවක නිරතවූ අතර, එහිදී නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ගරු සෙන්තිල් තොණ්ඩමන් හමුවූයේය.

ත්‍රිකුණාමලය, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙම හමුව පැවැත්වූ අතර, ආණ්ඩුකාර කාර්යාලය වෙත පැමිණි නව ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර ආණ්ඩුකාර ලේකම් කාර්යාල කාර්යය මණ්ඩලය විසින් පිළිගන්නා ලදී. මෙම හමුවේදී මේජර් ජෙනරල් යූ.ඩී විජේසේකර ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී ආර්සීඩීඑස් පීඑස්සී සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාරතුමන් ප්‍රදේශයේ පවතින ගැටළු පිළිබඳව සාකච්ඡා කරන ලදී.

සුහඳ හමුව සඳහා 22 පාබල සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් ජී.එම්.එන් පෙරේරා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීසී, 221 පාබල බලසේනාවේ බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරී සහ ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර බ්‍රිගේඩියර් පාලන සහ භඨකාර්ය සම්පාදන නිලධාරීද සහභාගී වූහ.