17th June 2023 21:01:04 Hours
ජාත්‍යන්තර රතු කුරුස කමිටුව (ICRC) නියෝජනය කරන දූත පිරිසේ ප්‍රධානී සේවරින් චාපාස් (Severine Chappaz) සහ උප නියෝජිත කණ්ඩායම් ප්‍රධානී ඇලේක්සැන්ඩර් බෘනෝ (Aleksandr Burov) යන මහත්වරුන් පසුගිය බදාදා (14) දින උතුරු ප්‍රදේශයේ සිදුකරනු ලැබූ සංචාරයක් අතරතුර ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී හමු විය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය කාර්යාල පරිශ‍්‍රය වෙත පැමිණි එම දූත පිරිස ඉතා උණුසුම් ලෙස පිළිගන්නා ලදී.
මෙම සුහද හමුවේදී, මේජර් ජෙනරල් එස්.ආර්.කේ හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී සහ ජාත්‍යන්තර රතු කුරුස කමිටු නියෝජිතයන් අතර, සිවිල් -හමුදා සහයෝගීතාව, සමාජ සුබසාධන ව්‍යාපෘති, ආරක්‍ෂාව සම්බන්ධ කරුණු, සංවර්ධන ආධාර සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.
සුහඳ හමුව අවසානයේ දී සුහදත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුකෙරිණි.