Header

Sri Lanka Army

Defender of the Nation

16th June 2023 19:50:34 Hours

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති -මධ්‍යම 11 පාබල සේනාංකයේ සංචාරයක

ධූරයෙන් නික්ම යන ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක පසුගිය අඟහරුවාදා (13) දින මහනුවර පල්ලේකැලේ පිහිටි 11 පාබල සේනාංකයේ සුහද සංචාරයක නිරත විය.

11 පාබල සේනාංකය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ආර්.එම්.එම් රත්නායක එම සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. අනතුරුව එතුමන් භටපිරිස් අමතමින්, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම ලෙස ධූරයේ රාජකාරි කල කාල සීමාව තුලදී සියලුම නිලයන් විසින් තමාට දැක්වූ සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පිරිනැමූ අතර, ඉදිරියේදී ද ඒ ආකාරයටම කැපවීමෙන් රාජකාරි සිදුකරන ලෙස ඉල්ලා සිටිමින් ඔවුන්ගේ සේවය අඟය කරන ලදී.

එම අවස්ථාව සනිටුහන් කරමින් එතුමන් සමූහ ඡායාරූපයක් සඳහාද එක් විය.