16th June 2023 20:01:34 Hours
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය මේජර් ජෙනරල් එස්.ආර්.කේ. හෙට්ටිආරච්චි ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්වී එන්ඩීයූ පීඑස්සී පසුගිය බදාදා (ජුනි මස 14) දින ශ්‍රී නාග විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මීගහජඳුරේ සිරි විමල හිමිපාණන් බැහැදැක ආශිර්වාද ලබාගත් අතර උතුරු පළාත් ගරු ආණ්ඩුකාර පී.එස්.එම්. චාල්ස් මහත්මිය, යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දර මහතා සහ යාපනය ප්‍රධාන ලේකම් එස්.එම්. සමන් බන්දුලසේන මහතා හමුවිය.
ආරක්‍ෂක සේනා ආඥාපති - යාපනය වෙත භික්‍ෂුන් වහන්සේගේ ආශිර්වාද එක්කළ අතර අනෙකුත් කීර්තිමත් නිලධාරීන් සිය සුබපැතුම් එක්කළේය.