16th June 2023 19:40:34 Hours
පසුගිය දා ධූරයේ රාජකාරි කටයුතු භාරගත් ප්‍රධාන සංඥා නිලධාරී සහ ශ්‍රී ලංකා සංඥා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ පසුගිය සඳුදා (ජුනි මස 12) දින අනුරාධපුරය ප්‍රදේශයේ ස්ථාපිත 4 ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තු මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරය සිදුකරනු ලැබීය.
ඒකක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව එම ඒකකයේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් ආර්.ඩී.ආර්.එම්. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී පිඑස්සී විසින් උණුසුම් අයුරින් එතුමන් පිළිගනු ලැබීය.
මෙම අවස්ථාව සනිටුහන් කරමින් මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ එම කඳවුරු පරිශ්‍රයේ ‘අඹ’ පැළයක් රෝපණය කළේය. අනතුරුව, මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ සියළු නිලයන් ආමන්ත්‍රණය කරමින් වෘත්තීය ජීවිතය තුළ විනය ඉහළ මට්ටමින් පවත්වාගනිමින් වෘත්තීයභාවයේ වටිනාකම පවත්වාගැනීම සබැඳිව පෙන්වාදුන්නේය. සිය දේශනය සමාප්තියේ 4 ශ්‍රී ලංකා සංඥා බලකායේ අණදෙන නිලධාරිතුමන් විසින් එතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කළේය.
අනතුරුව, එම ඒකකයේ අණදෙන නිලධාරිතුමන් විසින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි හි තොරතුරු සන්නිවේදන තාක්‍ෂණ තත්ත්වය සහ එම ඒකකයේ පරිපාලන කටයුතු පිළිබඳව පුළුල් දැනුවත් කිරීමක් සිදුකරන ලදී.
සංචාරයේ සමාප්තිය සනිටුහන් කරමින් එම ඒකකයේ නිලධාරින් සමඟින් සුහද අදහස් හුවමාරුවක නිරත වූ මේජර් ජෙනරල් කේ.ඒ.ඩබ්ලිව්.එස්. රත්නායක එන්ඩීයූ විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය.