Header

Sri Lanka Army

Defender of the Nation

11th June 2023 12:11:32 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නික්මයන සේනාවිධායක වෙත එම බලසේනාවේ ගෞරවාචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක ධූරයෙන් නික්ම යන මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් ඉකුත් සඳුදා (05) දින කොස්ගම පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්.ටී.කේ.ආර් සිල්වා කේඑස්පී විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. පසුව එතුමන් එම මූලස්ථානයේ සේනාවිධායක ධූරයේ රාජකාරී භාරදීම සනිටුහන් කරමින් සිය කාර්යාලයේදී සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තැබීය. මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ පියාණන්ද මීට දශක කිහිපයකට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 5 වන සේනාවිධායක ලෙස රාජකාරීන් සිදුකර ඇත. ඉන් අනතුරුව, නික්මයන සේනාවිධායක විසින් තම ධූර කාලය සේනාවිධායකයන්ගේ විශිෂ්ඨ උරුමයට එක් කරමින් තම ආලේඛ්‍ය චිත්‍රය නිරාවරණය කරන ලදී.

එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකටද පෙනිසිටි අතර, අනතුරුව භටපිරිස් ඇමතු එතුමන් සිය ධූර කාලය තුළ තමන් වෙත දැක්වූ සහයෝගය වෙනුවෙන් සියලු නිලයන් වෙත ස්තූතිය පුද කළේය. පසුව පැවති සියලු නිල තේපැන් සංග්‍රහය සඳහා සහභාගී වූ එතුමන් එහිදි භටපිරිස් සමගින් සුහද අදහස් හුවමාරුවකද නිරත විය. එහිදි එතුමන්ගේ සේවය ඇගයීමට ලක්කරමින් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නිලධාරීන් විසින් විශේෂ සමරු තිළිණයක් ප්‍රදානය කරන ලදී. පසුව එම බලසේනා මූලස්ථාන නිලධාරි නිවස්නයේදී පැවැති රාත්‍රි භෝජන සංග්‍රහයෙන් පසුව උත්සවයේ වැඩකටයුතු අවසන් විය.

එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයින් පිරිසක් සහභාගී වූහ. නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ පසුගියදා වැඩ භාර ගනු ලැබීය.