Header

Sri Lanka Army

Defender of the Nation

14th June 2023 11:00:07 Hours

ධූරයෙන් නික්මයන මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ බලකා රෙජිමේන්තුවේ ගෞරවාචාරය

යුද්ධ හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී සහ විශේෂ බළකායේ බලකාධිපති මෙන්ම ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ සේනාවිධායක යන ධූර හෙබවූ මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත ගෞරවාචාර පුද කිරීමේ උත්සවයක් විශේෂ බලකා භටපිරිස් විසින් නාඋල විශේෂ බලකා රෙජමේන්තු මධ්‍යස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (ජුනි 01) දින සංවිධානය කරන ලදී.

විශේෂ බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ වෙත විශේෂ බලකා භටපිරිස් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු මුරයේ සහ සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකරන ලදී. අනතුරුව එතුමන් සිය කාර්යාලයේදී නිල ලේඛණයකට අත්සන් තබමින් ධුරයේ රාජකාරී භාරදීම සනිටුහන් කළේය.

අනතුරුව එතුමන් විශේෂ බලකායේ රණවිරු ස්මාරකය අභියසදී යුද්ධයෙන් දිවිපිදු විශේෂ බලකා විරුවන් සිහිපත් කරමින් ඔවුන් වෙත පුෂ්පෝපහාර පුදකරනු ලැබීය. පසුව විශේෂ බලකායේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ සිය ධූර කාලය තුළ තමන් වෙත දක්වනු ලැබු සහයෝගය වෙනුවෙන් විශේෂ බලකායේ සියලු නිලයන් වෙත ස්තූතිය පුද කළේය.

සමුගැනීමේ උත්සව දිනයට මතකයන් එක් කරමින්, සමුහ ඡායාරූපයකට පෙනී සිටී එතුමන් එම අවස්ථාව සිහිවනු වස් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය. පසුව මේජර් ජෙනරල් ඩී.ජී.එස් සෙනරත් යාපා ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ සහ එම මැතිනිය වෙනුවෙන් විශේෂ බලකා මන්ත්‍රන සභා සාමාජිකයින්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් එදින සන්ධ්‍යාවේදී 1 විශේෂ බලකා නිලධාරී නිවස්නයේදී සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වීය.