14th June 2023 16:50:54 Hours
ධූරයෙන් නික්ම යන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වෙත ගෞරවාචාර පුදකිරීමේ උත්සවයක් පසුගිය සිකුරාදා (09) දින දඹුලුහල්මිල්ලවැව, යාන්ත්‍රික පාබල රෙජිමේන්තු මධ්‍යස්ථානයේදී පැවැත්විණි.
රෙජිමේන්තු මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඩී.එම්.කේ.ඩී.බී පුස්සැල්ල ආර්ඩබ්ලිව්පී ආර්එස්පී 61 පාබල සේනාංකයේ සේනාංකාධිපති හා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ බලකාධිපති ධූරය භාරගැනීමට නියමිත මේජර් ජෙනරල් එච්.එම්.යූ හේරත් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්සී යූඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් ඒ.එම්.ඒ අබේසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී පීඑස්සී සහ රෙජිමේන්තු මන්ත්‍රණ සාමාජිකයින් විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
භටපිරිස් විසින් කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි නික්ම යන රෙජිමේන්තු බලකාධිපතිතුමන් වෙත ප්‍රධාන පිවිසුම් දොරටුව අසලදී හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව යාන්ත්‍රික පාබල රෙජිමේන්තු රණවිරු ස්මාරකය අභියසදී රට වෙනුවෙන් මියගිය රණවිරුවන්ට පුෂ්පෝපහාර දැක්වීය. අනතුරුව පැවති සියලු නිල තේපැන් සංග්‍රහයක් සඳහාද සහභාගී වූ එතුමන්, බලළත් නිලධාරී සහ සැරයන් නිවස්නයේ පැවති දිවා භෝජන සංග්‍රහයක් සඳහාද සහභාගී විය. කඳවුරු පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම එතුමන් විශේෂ අමුත්තන් සඳහා වූ පොතේ සමරු සටහනක් ද තැබුවේය. කඳවුරු පරිශ්‍රයෙන් නික්මයන අවස්ථාවේදී එතුමන් වෙත සියලුම නිලධාරීන් සහ සෙසු නිලයින් සිය සුභාශිංසනයන් පිරිනැමීය.