Header

Sri Lanka Army

Defender of the Nation

15th June 2023 20:30:51 Hours

ගජබා රෙජිමේන්තුවේ සේවා මුක්ත සංගමයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයෙකු යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

ගජබා රෙජිමේන්තුවේ සේවා මුක්ත සංගමයේ ජ්‍යෙෂ්ඨතම සාමාජිකයෙකු වන මේජර් ජෙනරල් ජී.වී.ඩී.යූ.ඒ පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී අද (ජූනි මස 15) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. වර්ෂ 2017 අප්‍රේල් මස යුද්ධ හමුදාවෙන් විශ්‍රාම දිවියට එළඹි ගජබා රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන එතුමන් යුද්ධ හමුදාවේ මෙහෙයුම්, පරිපාලන සහ පුහුණු කටයුතු වෙනුවෙන් කැපී පෙනෙන සේවයක් ඉටු කර ඇති අතර, කීර්තිමත් අධ්‍යාපනඥයෙකු හා කථිකාචාර්යවරයෙකු ලෙසද කටයුතු කර ඇත. සුහඳ හමුවේදී යුද්ධ හමුදාධිපතිතුමන් එතුමන්ගේ වසර 34 කට අධික සේවා කාලය තුළදී යුද්ධ හමුදාවේ විවිධ තනතුරු හා වගකීම් දරමින් සිදුකරනු ලැබූ සේවය සිහිපත් කළේය. අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් සහ මේජර් ජෙනරල් ජී.වී.ඩී.යූ.ඒ පෙරේරා (විශ්‍රාමික) ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී යූඑස්ඒඩබ්ලිව්සී පීඑස්සී අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.