27th February 2023 09:58:00 Hours
68 වන සේනාංකයේ සේනාංකාධිපති ධූරය හොබවා නික්ම යන මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම වෙත හමුදා සම්ප්‍රදායානුකූල ගෞරවාචාර පුදකිරිමේ උත්සවයක් පසුගිය බ්‍රහස්පතින්දා (23) දින 68 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේදී පැවැත්විණි. 68 වන සේනාංක මූලස්ථානය වෙත සපැමිණි මේජර් ජෙනරල් රොහාන් පොන්නම්පෙරුම වෙත එම මූලස්ථානයේ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ හා සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමන ලදී. අනතුරුව එතුමන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටි අතර, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා එක් වූහ.
අනතුරුව, නික්ම යන 68 වන සේනාංකයේ සේනාංකාධිපතිතුමන් එම සේනාංකයේ සියළු නිලයන් ඇමතූ අතර, එතුමන් වෙත සමරු තිළිණයක් ද ප්‍රදානය කරනු ලැබීය. මෙම උත්සව අවස්ථාව සඳහා 68 වන සේනාංකය යටතේ ස්ථාපිත සියලුම බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් එක්ව සිටියහ.