13th June 2023 23:06:51 Hours
කොළඹදී පසුගිය සෙනසුරාදා (10) දින පැවති අන්තර් පාසල් කරාතේ ශූරතාවලිය - 2023 සඳහා ඉදිරිපත් වූ මාදුරුඔය, අලවකුඹුර මධ්‍ය මහා විද්‍යාලයීය පාසල් සිසු සිසුවියන්ට සමස්ත ශූරතාව දිනාගැනීමට හැකිවිය. කරාතේ ක්‍රීඩාව සඳහා දක්‍ෂතා දක්වන එම පාසල් සිසු සිසුවියන්ගේ දෙමාපියන් දැඩි ආර්ථික දුෂ්කරථා මධ්‍යයේ දරුවන් වෙත අධ්‍යාපනය ලබාදීමට කටයුතු කරන බැවින් කොළඹ පැවැත්වෙන කරාතේ ශූරතාවලිය සඳහා සහභාගිවීමට අවශ්‍ය පහසුකම් සලසා දෙන ලෙස අලවකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලෙහි සේනාවිධායකතුමන් වෙත දැනුම් දුන් අතර, පසුව එතුමන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත අදාල ගැටලුව ඉදිරිපත් කරන ලදී.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ මෙම අවශ්‍යතාව පිළිබඳ සිය අවධානයට යොමුකර පසුව ලබාදුන් උපදෙස් මත යුද්ධ හමුදා පුහුණු පාසලෙහි සේනාවිධායකතුමන් විසින් කරාතේ ශූරතාවලිය ආරම්භ වීමට පැය 48 කට පමණ පෙර අදාල සිසුසිසුවියන්, ඔවුන්ගේ දෙමාපියන් සහ පාසල් බලධාරීන් සඳහා ආරක්‍ෂිතව ගමන් කිරීමට යුද්ධ හමුදා බස් රථයක් ලබාදෙන ලදී. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති අන්තර් පාසල් කරාතේ ශූරතාව - 2023 සමස්ත ශූරතාව අලවකුඹුර මධ්‍ය මහා විද්‍යාලයේ කරාටේ කණ්ඩායම දිනා ගන්නා ලදී. යුද්ධ හමුදා පුහුණු පාසලෙහි කාර්යය මණ්ඩලය එම පාසල් සිසුසිසුවියන් සඳහා උදැසන ආහාරය ද ලබා දුන්නේය.