Header

Sri Lanka Army

Defender of the Nation

17th April 2023 18:10:02 Hours

11 වන පාබල සේනාංකයේ සිවිල් සේවක මහතුන්ට වියළි ආහාර සලාක ඇසුරුම් ලබා දෙයි

ආරක්‍ෂක සේනා මූලස්ථානය - මධ්‍යම යටතේ පිහිටි පල්ලෙකැලේ ස්ථාපිත 11 වන පාබල සේනාංකය විසින් සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් එම සේනාංකයේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් වෙනුවෙන් බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය මත ලබාදුන් ත්‍යාග පාර්සල් 31 ක් ප්‍රදානය කිරීමේ වැඩසටහනක් පසුගිය සඳුදා (10) දින පැවැත්වීය.

මේජර් ජෙනරල් එස්.ආර්.බී අළුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී ගේ උපදෙස් මත යටිහලගල රජමහා විහාරාධිපති පූජ්‍ය හදගනාවේ සම්මාධාර ස්වාමීන් වහන්සේ මෙම පරිත්‍යාගයන් සඳහා අනුග්‍රාහකත්වය දැක්වීය. සෑම ප්‍රතිලාභියෙකු සඳහාම එහිදී සහල්, පරිප්පු, අල, මිරිස් කුඩු යනාදී අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ඇතුලත් රුපියල් 6000.00 ක වටිනා කමකින් යුත් වියළි ආහාර සලාක පාර්සල් බෙදා දෙනු ලැබිණි.