Header

Sri Lanka Army

Defender of the Nation

21st April 2023 21:45:47 Hours

‘මානසික ආතතිය කළමණාකරණය කරගැනීම‘ සබැඳිව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ භටපිරිස් දැනුවත් කෙරේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ අප්‍රේල් මස ප්‍රථම පුහුණු දිනයට සමගාමීව ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව් ඒ එස් එස් වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ මඟපෙන්වීම මත එම මූලස්ථාන බහුකාර්ය ශාලාවේදී අප්‍රේල් මස 19 දින ‘මානසික ආතතිය කළමණාකරණය කරගැනීම’ මැයෙන් දේශනයක් පැවැත්විණි.

උපදේශන සහ මනෝවිද්‍යාව පිළිබඳ වෘත්තීය සුදුසුකම් ලත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා මූලස්ථානයේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් එම්ටීකේආර් සිල්වා කේඑස්පී විසින් දේශනය පවත්වන ලදී.

සංගීතය පිළිබඳ චිකිත්සක වැඩසටහනකින් සමන්විතවූ දේශනය ආතතිය කළමනාකරණය, ශාරීරික හා චිත්තවේගය සබැඳිව පුළුල් දැනුවත් කිරීමක් මෙම දේශනයේදී සිදුකෙරිණි. එමෙන්ම, සොල්දාදුවෙකුගේ භූමිකාව, මානසික ආතති මධ්‍යයේ සහ එවන් තත්ත්වයන් කළමනාකරණය කරගනිමින් ඉලක්ක කරා ළඟාවීමේ ක්‍රමවේදයන් පිළිබඳව ද මෙහිදී දැනුවත් කෙරිණි.

මෙම දේශනය සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසුනිලයන් පිරිසක් ද සහභාගී වූහ.