05th June 2023 19:30:32 Hours
දමිළ භාෂා පාඨමාලා අංක - 06 සඳහා සහභාගි වූ යුද්ධ හමුදා සාමාජිකයන් 34 දෙනෙකු වෙත සහතිකපත් ප්‍රදානය කිරීමේ උත්සවය ජුනි මස 02 (සිකුරාදා) දින වවුනියාව ප්‍රදේශයේ ස්ථාපිත 1 සන්නද්ධ බුද්ධි බලකා මූලස්ථානයේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක සේනා මුලස්ථානය - වන්නි බ්‍රිගේඩියර් ප්‍රධාන මාණ්ඩලික නිලධාරි බ්‍රිගේඩියර් එස්.පී.ජී ගමගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී යූඑස්පී සහභාගී වූ අතර පාඨමාලාව සාර්ථකව නිම කළ යුද්ධ හමුදා සාමාජිකයන් වෙත සහතිකපත් ප්‍රදානය කිරීමෙන් අනතුරුව කෙටි දේශනයක් ද පැවැත්වීය.
ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් සී.ඩී. රණසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී ගේ මගපෙන්වීම මත මෙම පාඨමාලාව සඳහා 1 සන්නද්ධ බුද්ධි බලකායේ සෙසුනිලයන් 34 දෙනෙකු සහභාගී වූහ. වන්නි ප්‍රදේශයේ සේවයේ නියුතු භටපිරිස්හි දමිළ භාෂා කුසලතා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම පාඨමාලාව පැවැත්වීය.
පාඨමාලාවේ සම්බන්ධීකරණ කටයුතු ලුතිනන් ඒ.ජී.එන්. සඳරුවන් සිදුකළ අතර 1 සන්නද්ධ බුද්ධි බලකායේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් එස්.ඒ.ජේ.කේ. සුබසිංහ ගේ අධීක්‍ෂණය මත මෙම පාඨමාලාව පැවැත්විණි. සැරයන් ජේ.ජේ.එම්. සංජීව සහ කෝප්‍රල් ආර්.එම්.ඊ. රත්නායක පාඨමාලාවේ උපදේශකවරුන් ලෙස කටයුතු කළහ.