Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2023 19:11:23 Hours

උසස්වීම් ලද මේජර් ජෙනරල් එස්.ඒ. පතිරණ ආර්එස්පී වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් නිල ලාංඡන පළඳවයි

පසුගිය දා උසස්වීම් ලැබූ ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුර මේජර් ජෙනරල් එස්.ඒ. පතිරණ ආර්එස්පී සිකුරාදා (ජුනි මස 12) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ හමුවිය. එහිදී, එතුමන් වෙත යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුරතින් මේජර් ජෙනරල් එස්.ඒ. පතිරණ ආර්එස්පී වෙත නිල ලාංඡන පළඳවා සුබපැතුම් ද එක්කළේය. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත නිල ලාංඡන පැළඳවීමෙන් අනතුරුව මේජර් ජෙනරල් නිලයේ වගකිම් භාරදීම සනිටුහන් කරමින් අසිපත් ප්‍රදානය කරනු ලැබීය. ඉන් අනතුරුව, ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපළ සුහද පිළිසඳරක ද නිරතවිය.

එහිදී, ඉදිරියේදී රටේ ආරක්‍ෂාව සහ සෞභාග්‍යය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන ලෙසත් සිය කාර්යභාරය තවදුරටත් මවුබිමේ ඒකීයභාවය වෙනුවෙන් ලබාදෙන ලෙසත් යුද්ධ හමුදාධිපතිතුමන් නව ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් දැනුවත් කළේය. එමෙන්ම, මේජර් ජෙනරල් එස්.ඒ. පතිරණ ආර්එස්පී එතුමන් වෙත ලබාදුන් මඟපෙන්වීම සහ මෙම අවස්ථාවට ආරාධනා කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාධිපතිතුමන් වෙත සිය ස්තූතිය පුදකළේය. යුද්ධ හමුදාධිපති කාර්යාල පරිශ්‍රයෙන් නික්ම යාමට ප්‍රථම මේජර් ජෙනරල් එස්.ඒ. පතිරණ ආර්එස්පී යුද්ධ හමුදාධිපතිතුමන් සමඟින් ඡායාරූප කිහිපයකට ද පෙනී සිටියේය.