Header

Sri Lanka Army

Defender of the Nation

12th June 2023 19:14:26 Hours

අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා ගෞරවාචාර මධ්‍යයේ සිදුකරයි

වසර 34 කට අධික කාලයක් රට වෙනුවෙන් විශිෂ්ඨ සේවයක නිරත වූ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හමුදා සාමාජිකයින්, පවුලේ සාමාජිකයන් ඇතුළු බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුද්ධ හමුදා ගෞරවාචාර මධ්‍යයේ බොරැල්ල පොදු සුසාන භූමියේදී අද (12) දින සන්ධ්‍යාවේ සිදුකෙරිණි. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ද ආදාහනාගාරය වෙත පැමිණ සිටියේය. මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) ගේ දේහය හමුදා සම්ප්‍රදායානුකූලව ජාතික කොඩියෙන් ආවරණය කරන ලද කාතුගැල (gun carriage) මත අභිමානවත් අයුරින් තැන්පත් කර යුද්ධ හමුදා භටපිරිස් පෙරටුකොට ගත් යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය පෙරහැරකින් සුසාන භූමිය වෙත රැගෙන යන ලදී.

එම අවමංගල්‍ය පෙරහැර සුසාන භූමිය වෙත පැමිණීමෙන් අනතුරුව යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) දේහය ආදාහනාගාරය වෙත රැගෙන යනු ලැබූ අතර, ඒ පිටුපසින් අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ සංවේගාප්‍රාප්ත පවුලේ සාමාජිකයින් ද පැමිණියහ. යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද විශේෂ නියෝග I (Special Part I Order) අවමංගල්‍ය අවස්ථාවට පැමිණි පිරිස ඉදිරියේ ප්‍රකාශ කරන ලද අතර හමුදා නිලධාරීයෙකුට ලැබිය හැකි ඉහළම ගෞරව උපහාරය ලබාදෙමින් කාලතුවක්කු වෙඩි මුර හඩ ගුවන් ගැබ සිසාරා පැතිර යන මොහොතේ අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානූකූල අවසන් ගෞරවාචාරය පුද කර සිටියහ. හිරු නැගෙන මොහොතේදිත් හිරු බැස යන මොහොතේදිත් වැයෙන යුද්ධ හමුදා බියුගල් නලා හඩ එම අවස්ථාවේදි වාදනය කරනු ලැබු අතර, අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) ගේ දිවි සැරියේ නිමාව එම බියුගල් නාදයෙන් සංවේගජනක ලෙස සිහිපත් කරන ලදී.

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ විසින් අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) සිය කීර්තිමත් යුද්ධ හමුදා දිවිය තුළ හිමිකරගත් පදක්කම් එතුමන්ගේ පවුලේ සාමාජිකයින් වෙත පිළිගන්වන ලදී. අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) ගේ හමුදා සම්ප්‍රදායානුකූල අවමංගල්‍ය උත්සවය නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ඩබ්ලිව්.ඒ.එස්.එස්. වනසිංහ ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීයූ ගේ ඍජු අධීක්‍ෂණය යටතේ පැවැත්විණි. එහි සියලුම සම්බන්ධීකරණ කටයුතු යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරල් එස්.ආර්.බී. අලුවිහාරේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී විසින් සිදුකරන ලදී. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන් වෙත අවසන් ගෞරව දැක්වීම සඳහා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ නිලධාරින්, යුද්ධ හමුදාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලයන්හි අධ්‍යක්‍ෂවරුන් ඇතුළු සංවේගප්‍රාප්ත තවත් බොහෝ පිරිසක් ද සහභාගී වූහ. යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු නැවත ක්‍රියාකාරී සේවයට කැදවා ඇති අභාවප්‍රාප්ත මේජර් ජෙනරල් පී.ඩබ්ලිව්.බී. ජයසුන්දර වීඑස්වී යූඑස්පී එන්ඩීසි යූඑස්ඒසීජීඑස්සී අයිජී (විශ්‍රාමික) අභාවප්‍රාප්ත වන විට ජාතික ශිෂ්‍යභට බළකායේ අධ්‍යක්‍ෂ ධුරය හොබවමින් සිටියේය. සිය වෘත්තීය දිවිය එතුමන් යුද සේවා ලේකම්, යුධෝපකරණ මාස්ටර් ජෙනරල්, සැලසුම් අධ්‍යක්‍ෂ, 52, 21 සහ 51 පාබල සේනාංකයන්හි සේනාංකාධිපති වැනි ධූරයන් හොබවා ඇත.

යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරනු ලැබු විශේෂ නියෝග I (Special Part I Order) පහතින් දැක්වේ: