Header

Sri Lanka Army

Defender of the Nation

10th March 2023 18:38:47 Hours

56 වන සේනාංකයේ නිලධාරින් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ දැනුවත් කෙරේ

‘බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ වර්ධනය සහ අනාගත අපේක්‍ෂාවන් සහ දකුණු ආසියානු කලාපයට හා ශ්‍රී ලංකාවට ඇති බලපෑම්’ යන මැයෙන් ආරක්‍ෂක සේනා මූලස්ථානය - වන්නි යටතේ ස්ථාපිත 56 වන පාබල සේනාංකයේ මූලිකත්වයෙන් පසුගිය බදාදා (මාර්තු මස 08) දින සංවාදාත්මක සැසියක් පැවැත්විණි. මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වූ 56 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මංජුල කාරියවසම් ප්‍රමුඛ නිලධාරින් 50 දෙනෙකු සැසිවාරය සඳහා සහභාගී වූ අතර එහිදී නිලධාරින් 08 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් විසින් මෙහිදී සුවිශේෂී පැහැදිළිකිරීම් සිදුකරන ලදී.

54 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් නලින්ද නියංගොඩ, 56 වන සේනාංක බලප්‍රදේශයේ සේවයේ නියුතු බලසේනාධිපතිවරුන් හා අණදෙන නිලධාරින් ද මාර්ගගත තාක්‍ෂණය ඔස්සේ සැසිවාරය සඳහා සහභාගී වූහ. සැසිවාරය අවසානයේ එදින සැසියේ ඇති වූ ගැටලු සාකච්ඡා කිරීම සඳහා වැඩසටහනක් ද පැවැත්වීය. ආරක්‍ෂක සේනා ආඥාපති - වන්නි මේජර් ජෙනරල් චම්පක රණසිංහ ගේ උපදෙස් මත ජාත්‍යන්තර සබඳතා පිළිබඳ නිලධාරීන් සතු දැනුම පුළුල් කිරීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.