03rd March 2023 17:10:08 Hours
මුලතිව් විශ්වමඩු ප්‍රදේශයේ පිහිටි 572 වන පාබල බලසේනාවේ 16 වන සංවත්සරය නිමිත්තෙන් එම බලසේනාවේ බලසේනාධිපති කර්නල් තුෂාන් විමලසේන ගේ මඟපෙන්වීම මත සැමරුම් උත්සවයක් පෙබරවාරි මස 27 සහ 28 යන දෙදින තුළ පවත්වනු ලැබිණි.
සැමරුම් දින උත්සවයට සමගාමීව ප්‍රදේශයේ සිවිල් ජනතාව වෙනුවෙන් සිදුකරනු ලබන සමාජ සත්කාරක වැඩසටහනක් වශයෙන් පෙබරවාරි 26 (ඉරිදා) දින භටපිරිස් විසින් ධර්මපුරම් ප්‍රදේශයේ පිහිටි ‘නමසිවායා’ වැඩිහිටි නිවාසය පිරිසිදු කිරීමේ සිදුකරන ලද අතර, අනතුරුව ඉරිදා (27) දින එම වැඩිහිටියන්ට වෙනුවෙන් දිවා ආහාර වේලාවක් පිරිනැමීය.
සංවත්සර දින සැමරුමේ ආරම්භය සනිටුහන් කරමින් (පෙබරවාරි 28) එම මූලස්ථානය වෙත සපැමිණි 572 වන පාබල බලසේනාවේ බලසේනාධිපතිතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, එදින එතුමන් විසින් මෙම අවස්ථාව සනිටුහන් කරමින් කඳවුරු පරිශ්‍රයේ අඹ පැළයක් ද රෝපණය කරන ලදී. අනතුරුව එම බලසේනාවේ මාණ්ඩලික නිලධාරීන් සහ සෙසු නිලයින් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
ඉන් අනතුරුව , කර්නල් තුෂාන් විමලසේන විසින් එම බලසේනාවේ සියලු භටපිරිස් ඇමතූ අතර, උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් එතුමන් සියලු නිල දිවා භෝජන සංග්‍රහයක් සඳහා ද සහභාගී වූයේය.