25th March 2023 21:45:58 Hours
ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර භටපිරිස් ‘මහ’ කන්නය වෙනුවෙන් අස්වැද්දවූ අක්කර 10 ක භූමි ප්‍රමාණයක වී අස්වැන්න නෙළීමේ කටයුතු සම්ප්‍රදායික චාරිත්‍රානුකූලව පැවති උත්සවයකදී පසුගිය බ්‍රහස්පතින්දා (23) දින ආරම්භ කරනලදී.
ආරක්‍ෂක සේනා ආඥාපති - නැගෙනහිර මේජර් ජෙනරල් සුජීව හෙට්ටිආරච්චි ගේ ප්‍රධානත්වයෙන් ආරම්භකල අස්වැන්න නෙලීමේ උත්සව අවස්ථාව සඳහා නිලධාරීන් සහ සෙසුනිලයින් පිරිසක් ද සහභාගී වූහ. යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ලබාදුන් උපදෙස් මත මෙරට ආහාර සුරක්‍ෂිතතාවය ඉහල නැංවීමේ වැඩසටහනට සහය දැක්වීමේ අරමුණින් ආරක්‍ෂක සේනා මූලස්ථානය - නැගෙනහිර විසින් කෘෂිකාර්මික ක්‍ෂේත්‍රයෙහි දක්‍ෂතා ඇති යුද්ධ හමුදා පිරිස්වල සහභාගීත්වයෙන් මීට මාස කිහිපයකට පෙර වී වැපිරීම ආරම්භ කරන ලදී.