Header

Sri Lanka Army

Defender of the Nation

27th March 2023 23:22:02 Hours

භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක

යුද්ධ හමුදා භඨකාර්ය සම්පාදක අණසක මූලස්ථානයේ ආඥාපති හා ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් පසුගිය බ්‍රහස්පතින්දා (16) දින විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පාලන පරික්‍ෂණ කටයුතු පිළිබඳ සොයාබැලීම සඳහා නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකා රෙජිමේන්තු මධ්‍යස්ථාන කඳවුරු පරිශ්‍රය වෙත සපැමිණි මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් වෙත භටපිරිස් විසින් එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් සංජය පතිරණ විසින් එතුමන් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

මේජර් ජෙනරල් ඉන්දු සමරකෝන් සහ එම රෙජිමේන්තුවේ සියලුම මාණ්ඩලික නිලධාරීන් සමඟ පැවති සුහද හමුවේදී භඨකාර්ය සම්පාදන කටයුතු සම්බන්ධ කරුණු පිළිබඳ සාකච්ඡා කෙරිණි. පසුව, පාලන පරීක්‍ෂණ කටයුතු නිරීක්‍ෂණය කළ එතුමන් භඨකාර්ය සම්පාදන අංශයන් වැඩිදියුණු කිරීම සඳහා උපදෙස් ලබාදුන් අතර, ගෙන ඇති ක්‍රියාමාර්ගයන් ඇගයීමට ලක්කළේය.

වැඩසටහන සමාප්තියේ, මෙම අවස්ථාව සංකේතවත් කරමින් භඨකාර්ය සම්පාදන අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කෙරිණි.